For any Inquiries 077 300 6000

13

May

08:30 am

2021 A/L (Theory/Revision) බෞද්ධ ශිෂ්ටාචාරය (Oasis Group)
Aminda Wellappuli

Terms of use

Home > Terms of use

EDUCATIONAL OASIS Terms of use

1. පන්ති පටන්ගන්නා විට මයික්‍රොෆෝනය අක්‍රිය කර තබාගන්න. ඔබට ගුරුවරයාගෙන් පාඩමට අදාළ ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය විට පමණක් ඔබගේ මයික්‍රෆෝනය සක්‍රිය කර පසුව නැවතත් එය අක්‍රිය කරන්න. ඔබගේ live Class එක පවන්වන විට අධ්‍යයන කටයුතු වලට සුදුසු ස්ථනායක සිට ඔබගේ Device එකේ කැමරාව On කරන්න.

2. ඔබගේ Username එක වෙනත් අයකුට කිසිම හේතුවක් මත නොදෙන්න. එසේ දෙනු ලැබුවහොත් එනම් එකම විට Device දෙකකින් Log වුවහොත් පළමුව Login වූ device එකින් ස්වයංක්‍රියවම ඔබව Block කර System එකෙන් Logout කිරීම වෙබ් අඩවිය මඟින් සිදු කරනු ලැබේ. තවද ඔබගේ Username එක වෙනත් අයකුට දීම තුළ එලය අපගේ වෙබ් අඩවිය හරහා හදුනාගෙන ඔබගේ ශිෂ්‍යභාවය වෙබ් අඩවියෙන් ඉවත් කිරීම ඔබට නොදන්වාම කරනු ලැබේ.

3. Chat Box භාවිතා කිරීමෙන් ඔබගේ live Class එක යන අතරේ ඊට අදාළ ඕනෑම ගැටලුවක් ගුරුවරයා වෙත ඉදිරිපත් කළ හැකිය. Live Class එක පවතින අතරතුර ඔබ විසින් කිසියම් විනයානුකූල නොවන ආකාරයේ ක්‍රියාවක් සිදුකළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව ඔබගේ Username එක Block කරන අතර ඔබ Login වී සිටින Device එකෙන් අපගේ වෙබ් අඩවිය වෙත නැවතත් Log විය නොහැකිවන පරිදි අපගේ වෙබ් අඩවිය සකසා ඇත.

4. පන්ති පිළිබඳව සියලු තොරතුරු SMS පණිවුඩයක් මඟින් පමණක් ලැබෙන බැවින් ඔබගේ නිවැරදි ජංගම දුරකථන අංකය ලබා දීමට කටයුතු කරන්න.

5. පන්ති ගාස්තු ගෙවීමේදී තමන්ට අදාළ නිවැරදි පන්තිය තෝරා ස්ථිර කරගැනීමෙන් පසු ගෙවීම් සිදුකරන්න. කිසිදු විටක ඔබ ගෙවු පන්ති ගාස්තු නැවත ලබා දීමක්, වෙනත් සිසුවකුට පැවරීමක් හෝ වෙනත් පන්තියක් වෙනුවෙන් ආදේශ කිරීමක් සිදු කරනු නොලැබේ.

6. පන්ති ගාස්තු ගෙවීමකින් තොරව Live Class එකට සම්බන්ධ විය නොහැකි අතර ගෙවීම් සිදුකිරීම පන්ති පටන්ගැනීමට කල්වේලා ඇතිව හෝ හැකිනම් කලින් දින සිදුකිරීමෙන් ඔබේ Live Class එකට යම් තරමක හෝ ප්‍රමාදයක් ඇතිවීම වළක්වා ගත හැකිය.

7. ඔබගේ පන්තියට අදාළ පන්ති ගාස්තුව ඊට අදාළ මාසය තුළ පවත්වනු ලබන පළමු පන්ති වාරයේදීම ගෙවිය යුුතු වේ.

8. ඔබ පළමුවන වරට පන්තියට සහභාගි වනුයේ තෙවන හෝ අවසාන පන්ති වාරයේ වුව ද ඔබට එම අදාළ මාසය සඳහා සම්පූර් පන්තිගාස්තුව ගෙවීමට සිදුවනු ඇත.

9. නොවැලැක්විය හැකි හේතුවක් මත පමණක් ගුරුවරයාට යම්කිසි පන්තිවාරයක් සිදුකිරීමට නොහැකි වු විට ඒ සඳහා වෙනත් පන්ති වාරයක් ඔබවෙනුවෙන් ලැබෙනු ඇත.

වෙබ් අඩවිය සම්බන්ධව ඔබට පැනනගින ඕනෑම ගැටලුවක් හෝ ඔබගේ වටිනා අදහස් හා යෝජනා සඳහා 077 300 6000 අංකය අමතන්න.